Skip to main content

Posts

Showing posts from April, 2026

ඉමෙල්ඩා, සුගත් සහ ලංකාවෙන් අරාබි යන පළඟැටියෝ

  දැනට කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජීවත්වන පුවත්පත් සහෘදයෙකු වූ සෝමසිරි මුණසිංහ ලියූ ඔහුගේ පළමු නවකථාව වන ඉමෙල්ඩා කියවීමට මට ඉඩක් ලැබුණේ ජනමාධ්‍ය රැකියාව කරන්නට ගොස් මාරයා තුන්වැනි වරටත් මගේ කරට අත තැබීමෙන් ලද ඉස්පාසුවෙනි . බළධාරීන් රූපවාහානීවල අරක්ගෙන කුමන බයිලා ගැසුවත් කෝවිඩි සමාජගතවී අවසානය . මට එය බෝවූවේ කෙසේද ? ඔවුන් කියන කිසිදු පොකුරකට මාගේ සම්බන්ධයක් නැත . මම ගියානම් ඒ දැනට වැඩ කරන රේඩියෝ කන්තෝරුවට පමණි . 1986 මැදින් මාසයේ දවසක මම ඩේලි නිවුස් කතෘමණ්ඩලයට බැඳෙන විටත් සෝමසිරි මුණසිංහ ( සෝමා ) එහි සේවය කරමින් සිටියේය . අද මෙන් නොව එකල ඩේලි නිවුස් හා ඔබ්සර්ව පත‍්‍රවල සිටි කතෘමණ්ඩල සාමාජිකයින් බොහෝ දෙනා මැදි වයස පසුකළවුන් වූ අතර ඒ කිසිවෙකු කතෘ මණ්ඩලය තුළ සිංහල කථා නොකළේය . කොළඹ පදිංචි කරුවන් වූ ඔවුන් බොහෝ දෙනෙකුට තිබුණේ සිල්වා , පෙරේරා සහ පීරිස් වැනි ක‍්‍රිස්තියානි හා ජෑන්ස් , කුක් සහ කුල්මෙයාර් වැනි බර්ග වාසගම්ය . ඉන් පරිභාහිර ආගන්තුකයෙකු එහි සේවයට ගත්තේනම් එය ...